News Line| Off Air
Generic placeholder image

Aug
27

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටට විද්ද පස් දෙනෙක් අල්ලයි

907 Views


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටට විද්ද පස් දෙනෙක්  අල්ලයි

දකුණු අධිවේගී මාර්ගයේ එහි නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කල නවගමුව පොලිසිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට අධික ප‍්‍රමාණයක් සොරෙන් කපා විකුණන ලද පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන් පස්දෙනා ආරක්ෂිත වැටෙහි කිලෝ මීටර් දෙකකට ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට කපා ඇති අතර ඒවා මාලබේ හා කඩුවෙල ප්‍රදේශයේ යකඩ භාණ්ඩ මිලදී ගන්නා වෙළඳසැල් වලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර ඔවුන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව පොලිසිය වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post