නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් බව කියන බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම මගින් මඩකලපුව ප්‍රදේශයේ පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්ව විද්‍යාලය වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක ආරම්භ කර ඇති එක ගිණුමකට විදෙස් රටවලින් රුපියල් බිලියන 04 කට අධික මුදලක් බැරව ඇති බවත් මේ වන විට එම ගිණුමේ ඉතිරිව ඇත්තේ රුපියල් 36, 000 ක මුදලක් පමණක් බවත් මුල්‍ය අපරාධ කොට්ටාසය කොලඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ඊයේ දැනුම් දුන්නා.
2016 ජනවාරි මස 14 වැනි දින සිට 2019 මැයි මස 31 දක්වා කාලය තුලදී අවස්ථා 206 කදී එම ගිණුමට රුපියල් කොටි 444 ක මුදලක් බැරව ඇති බවත් එම මුදලින් අවස්ථා 825 කදී මුදල් ඉවත් කරගෙන ඇති අතර මේ වන විට එම ගිණුමේ ශේෂය රුපියල් 36.298 ක් බවද එම කොට්ඨාසය වැඩි දුරටත් අධිකරණයට දන්වා සිටියා.
මෙම මුදල් අතරින් රුපියල් කෝටි 364 ක් අවස්ථා 04 කදී සෞදි අරාබියේ ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා අල්ජුඵාලි ජෙඩා මමති ආයතනය විසින් බැරකර ඇතැයිද එමෙන්ම අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම කොල්ලුපිටියේ ලංකා බැංකුවේ අධි ශේණි අංශයේ අංක 78445137 දරන ගිණුමට අදාල ගිණුම් ප්‍රකාශ හරහා බැරපත් චෙක්පත් මැන්ඩෙට් පත්‍ර අත්සන කාඩ්පත් ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයින් සම්බන්දයෙන් තොරතුරු ලබාගත් බවත් එම තොරතුරු පරික්ෂා කිරීමේදී ඉකුත් 2016 ජනවාරි මස 04 වන දින එම සමාගම ශ්‍රී ලංකා රුපියල් මගින් ගනුදෙනු කල හැකි ජංගම ගිණුමක් ආරම්භ කර ති බවත් එමෙන්ම එම ගිණුම ආරම්භ කිරීම සදහා එහි සභාපති මොහොමඩ් ලෙබ්බේ අලි මොහොම්මඩ් හිස්බුල්ලා යා අයද එහි අධ්‍යක්ෂක වරයා වන අයෙකු සම්බන්ද වි ඇති බවත් එහිදී කරුණු වාර්තා වුණා.