News Line| Off Air
Generic placeholder image

Aug
27

ඇන්ජලෝ නැවතත් පන්දුව අතට ගනී

4393 Views


ඇන්ජලෝ නැවතත් පන්දුව අතට ගනී

අයි.සී.සී විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට සලකා බැලීම හැකිවන ආකාරයෙන් ඉදිරි තරගවලදී පන්දු යවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. නවසිලන්තය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියේ ඔහු ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසන්නේ ඇන්ජලෝ මැතිව්ස් දක්ෂ පිතිකරුවෙකු වශයෙන් පමණක් කණ්ඩායමට ලබා ගැනීම ප්‍රමාණවත් නොවන බවයි. කලක් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් සැලකුණු මැතිව්ස් පාදයේ ආබාදයකට ලක් වීමෙන් අනතුරුව පන්දු යැවීමෙන් වැලකි සිටියා. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වෙස්ටර්ලිහි පැවති තරගයේදී ඔහු දීර්ඝ කාලයකට පසු පන්දු යැවීමට කටයුතු කරනු ලැබුවා.

මේ අනුව ඉදිරියේදී ඇන්ජලෝ මැතිව්ස් සිමිත පන්දුවාර තරගවලදී හා පන්දුවාර විස්සයි විස්ස තරගවලදී පන්දු යැවීම වගකීම භාරවෙන අතර එය කණ්ඩායමේ සමතුලිත භාවයට අතිශය වැදගත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post