හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය ලබන සැප්තැම්බර් මස 12 වනදා වීරකැටිය, මැදමුලනේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතගන්නා ලිමිනි, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන අතර මංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු අමුත්තන් විශාල පිරිසකට දැනටමත් ආරාධනය කර ඇති බව සදහන්.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් 2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ඔහු 2015 වසරේ අගෝස්තු මස පැවැති මැතිවරණයෙන් ද ජයග්‍රහණය කර, පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.