News Line| Off Air
Generic placeholder image

Aug
27

ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක්

1716 Views


ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක්

ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක් පමණ හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොලිවියාවට අයත් වනාන්තර කොටසේද ගිනි ගැනීම් දරුණු ලෙස පවතින බව එම වාර්තාවන්හි සඳහන්.

මේ වනවිටත් එරටට අයත් අක්කර මිලියන 1.8 කට වැඩි භූමි ප‍්‍රමාණයක් ගිනි ගැනීම්වලට ලක්වෙමින් තිබෙනවා. ගිනි නිවීම සඳහා 4,000 කට අධික පිරිසක් දැනටත් මෙහෙයුම් අරඹා ඇති බව බොලිවියානු ජනපති ඉවෝ මොරාලස් ප‍්‍රකාශ කළ අතර පැතිර යන ගිනි පාලනය කිරීමට ගුවන් යානා මගින් ජල ගැළුම් 19,000 ක් මේ වනවිට හෙළමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම බ‍්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ජාතික ආයතනය පවසන්නේ අගෝස්තු මාසය තුළ ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීම් 13,339 ක් වාර්තා වන බවයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව ගත් කළ සියයට 422 ක වැඩිවීමක්. සමස්තයක් ලෙස ගත් කළ මේ වසර තුළ පමණක් ඇමසන් වනාන්තරයෙන් වාර්තා වූ ගිනි ගැනීම් සංඛ්‍යාව 77,000 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post