News Line| Off Air
Generic placeholder image

Aug
27

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව ගත් සාර්ථක පියවරයන් වෙනුවෙන් ජනපතිට සම්මානයක්

1726 Views


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව ගත් සාර්ථක පියවරයන් වෙනුවෙන් ජනපතිට සම්මානයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම වෙනුවෙන් ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල්හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා (Jurgen Stock) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළකර තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින මහලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වූ අතර ප්‍රශංසාව පළ කරමින් විශේෂ සම්මානයක් ද මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව සදහන්.

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් මාලාවේ පසු විමර්ශන කටයුතු සඳහා සහය ලබදෙන ලෙස ඉන්ටර්පොල් වෙතින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහිදී මහ ලේකම්වරයා වෙත ස්තූතිය පළකළ ජනාධිපතිවරයා අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීමට ලබා දුන් සහය ඇගැයීමට ලක් කළා.

මෙහිදී ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරින් ඉතා ඉහළ වෘත්තිමය භාවයකින් ක්‍රියාකරන බවත් ඉන්ටර්පොල් විශේෂඥයන්ට අවශ්‍ය පුර්ණ සහය ඔවුන්ගෙන් හිමි වූ බවත් මහ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post