News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

1913 හඳුන්වා දුන් පළමු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි 473 ක්

907 Views


1913 හඳුන්වා දුන් පළමු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි 473 ක්

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකය හඳුන්වා දුන් පළමු සතිය තුළ පැමිණිලි 473 ක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවීම, ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම මෙම පැමිණිලි අතර වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

ඒ අනුව එවැනි තොරතුරු වෙතොත් 1913 යන පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසද සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම මාරවිල – මූදුකටුව සහ තලවිල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී කෘත්‍රිම රා ලීටර 9,000 ක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post