විරෝධතාවයක් හේතුවෙන් මඩකළපු නගරය තුළ ඊයේ පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.
ඒ පාස්කු ප‍්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් බෝම්බකරුගේ ශරීර කොටස් ප‍්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පළකරමින් ප‍්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන්
විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා දමමින් විරෝධතාවයේ නිරතවී සිටි බවයි සියත ප‍්‍රාදේශය වාර්තාකරු සඳහන් කළේ.
ඇතිවු උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කරනු ලැබු අතර ඉන් පසුව විරෝධතාකරුවන් ඉවත්ව ගොස් තිබෙනවා. මේ වන විට ප‍්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා තිබෙනවා
මඩකලපුව සියෝන් දේවස්ථානයට පාස්කු ඉරිදා ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සිරුරු කොටස් ප‍්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.
පසුගිය අපේ‍්‍රල් මස 21 වනදා මඩකලපුව සියොන් දේවස්ථානය /මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය / කොළඹ කෝච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය / කොළඹ ශැංග‍්‍රිලා හෝටලය / කිංග්ස්බරි හෝටලය / සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලය සහ දෙහිවල ලැගුම් හලක් ඇතුලූ ස්ථාන 07 ක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල වුණා. ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
ආරක්ෂක අංශ සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වුණේ ජාතික හවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලූ මරාගෙන මැරෙන ත‍්‍රස්ථවාදීන් පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි