News Line| Off Air
Generic placeholder image

Aug
28

මරදාන කොටුව දුම්රිය අනතුරට සම්බන්ධ නිලධාරීන් 04කගේ වැඩ තහනම් කෙරේ

1034 Views


මරදාන කොටුව දුම්රිය අනතුරට සම්බන්ධ නිලධාරීන්  04කගේ වැඩ තහනම් කෙරේ

අද පෙරවරුවේ මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් හතර දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අනතුරට ලක් වූ මරදාන සිට කලුතර බලා ධාවනය කෙරුණු දුම්රියේ රියදුරු, රියදුරු සහායක සහ නියාමකවරුන් දෙදෙනායි. සංඥා නොමැතිව මෙම දුම්රිය ධාවනය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම අනතුරෙන් දුම්රිය දෙකටම අලාභ සිදුවූ වී තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකේම මගින් සිටි ඇති නමුත් ඔවුන් කිසිවෙකුට හානි සිදු වී නොමැති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post