අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොළඹ – කොටුව ලෝටස් මංසන්ධියේදී පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
මෙම පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දැමීමටද පොලීසිය පියවර ගත් අතර, මෙම විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ – කොටුව සහ පිටකොටුව අවට දැඩි රථවාහන තදබදයක්ද පැවති බව සදහන්.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරන ලෙස සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන අද පස්වරුවේ ආරම්භ වූයේ මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන්.