නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා, සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වන බව සදහන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සිය සුභාශිංෂණ පිරිනැමූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනැමුණා.