News Line| Off Air
Generic placeholder image

Aug
28

ලක්ෂ 20 කට අධික තහනම් දැල් තොගයක් පුත්තලමෙන් අල්ලයි

534 Views


ලක්ෂ 20 කට අධික තහනම් දැල් තොගයක් පුත්තලමෙන් අල්ලයි

රුපියල් ලක්ෂ 20 ක්ට අධික වටිනාකමකින් යුතු තහනම් තංගුස් දැල් තොගයක් (28) අද පුත්තලම නගරයේදී සහ මුල්ලිපුරම්වලදී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධිවර සහකාර අධ්‍යක්ෂ කාර්යාල ප්‍රකාශ කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම නගරයේ අලෙවි සැලක අලෙවි කිරීම සඳහා රහසිගතව සඟවා තිබු තංගුස් දැල් තොගයක් හා එම ව්‍යාපාරිකයාට අයත් මුල්ලිපුරම් ප්‍රදෙශයේ ගබඩාවක සඟවා තිබු දැල් තොගයක්.

මීට පෙර අවස්ථා කිපයක් අදාල තහනම් තංගුස් දැල් අලෙවි කරන ව්‍යාපරික ස්ථානය වටලා තිබු අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වි තිබෙනවා.

මෙම වැටලිම සඳහා පුත්තලම තම්බපණ්නී නාවුක කදවුරේ සහ පාලවිය යුද හමුදා කඳවුරේ නිළධාරින්ගේ සහාය ලැබි තිබු අතර අත්අඩංගුවට ගත් සමස්ථ දැල් ගොතය කිලෝ 750 ඉක්මවන බවද ධිවර නිළධාරින් පැවසුවා.

පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ අදාල ව්‍යාපාරිකයා මෙම දැල් තොගය සමඟ අත්අඩංගුවට ගත් බවත් සන්තකයේ තබා ගැනිම, මසුන් ඇල්ලිමට අලෙවි කිරීම හා ගබඩා කිරීම යන චෝදනා යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවයි.

සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post