News Line| Off Air
Generic placeholder image

Aug
28

මහ රැජිනට බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඉල්ලීමක්

664 Views


මහ රැජිනට බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඉල්ලීමක්

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන ලෙස එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහ රැජිනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ලබන මස මැද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේ මෙම පියවර ගන්නා ලෙසයි.

බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා වූ බ්‍රෙක්සිට් ගිවිසුම ඉකුත් වීමට සති කිහිපයක් තිබීයදී මෙම පාර්ලිමේන්තු වාරය පැවැත්වෙනවා.

බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ කාල සීමාව ඔක්තෝම්බර් මස 31 වනදායින් අවසන් වීමට නියමිතයි


News Articles
Latest Videos
Most Popular Post