News Line| Off Air
Generic placeholder image

Aug
29

දිවයින පුරා අදත් ගිගුරුම් සහිත වැසි

861 Views


දිවයින පුරා අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ නිරිතදිග බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඇති විය හැකි බවත් එමෙන්ම නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ ඇතුලත්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post