වත්තල ප‍්‍රදේශයේ සිදුකළ වැටළීමක දී අයිස් සහ හසීස් නැමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග‍්‍රෑම් 157ක් සහ හසීස් මත්ද්‍රව්‍ය ග‍්‍ර‍්‍රෑම් 413ක් සොයා ගත් බවත් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන ලද රුපියල් එක් ලක්ෂ 24 දහස් 980ක් මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ත‍්‍රීරෝධ රථයක් පරීක්ෂා කිරීමෙදී යි
සැකකරු 38 හැවිරිදි වත්තල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එමෙන්ම වැල්ලවත්ත ප‍්‍රදේශයේ සිදුකළ වැටළීමක දී යතුරු පැදියකින් ප‍්‍රවාහනය කරමින් තිබිය දී අයිස් සහ හසීස් නැමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග‍්‍රෑම් 36ක් සහ හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග‍්‍ර‍්‍රෑම් 6ක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබුණා. සැකකරු 35 හැවිරිදි මෝදර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 19 84 දුරකථන අංකය දැනුම් දෙන ලෙස රජය ඉල්ලීමක් කර සිටිනවා