News Line| Off Air
Generic placeholder image

Aug
29

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලි කප්පාදුවක්

623 Views


පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලි කප්පාදුවක්

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාලය දිගින් දිගටම විදුලි ගාස්තු ගෙවීම අතපසුකිරීම හේතුවෙන් පාකිස්තාන විදුලි සමාගම මෙම පියවර ගෙන ඇති බවයි.
මෙම මාසයේදී පමණක් අගමැති කාර්යාලයේ විදුලි බිල පකිස්ථානු රුපියල් ලක්ෂ 41ක් වන අතර කඩිනමින් විදුලි බිල ගෙවා අවසන් කරන තෙක් විදුලිය ලබා නොදෙන බවයි විදුලි සමාගම සදහන් කර ඇත්තේ.
අවසන් නිවේදන කිහිපයක් නිකුත් කර තිබියදීත් කාර්ය මණ්ඩලය ඒ වෙනවෙන් පියවර නොගැනීම ගැටලූකාරී බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා. රජයේ ප‍්‍රධාන කාර්යාලයක මෙවන් තත්ත්වයක් වාර්තා වීම දුලභ බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් විදුලි කප්පාදුව පිළිබද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැහැ


News Articles
Latest Videos
Most Popular Post