News Line| Off Air
Generic placeholder image

Aug
29

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහන් අද සිට

1289 Views


බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහන් අද සිට

බස්නාහිර පලාත කේන්ද්‍රකර ගනිමින් තෙදින මදුරු මර්ධන වැඩසටහන් අද ආරම්භ වුණා. ඒ නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග බස්නාහිර පලාතේ ඩෙංගු අවදානම වැඩි වීම හේතුවෙන්. ඒ අනුව මේ සදහා සෞඛ්‍ය නිළධාරීන් ඇතුලූව 500 ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

මේ යටතේ පොදු ස්ථාන පිරිසිදු කිරීම් සහ නිවාස ඇතුලූ පරිශ‍්‍ර පරීක්ෂා කිරීම් ද සිදුවනු ඇති අතර එළඹෙන නව පාසල් වාරයට පෙර එම පරිශ‍්‍ර පිරිසිදු කිරීම සඳහා ලබන මස පලවනදා දිවයිනේ සියලූම පාසල් කේන්ද්‍ර කරගනිමින් ශ‍්‍රමදානයක් පැවැත්වීමට නියමිත බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සියත නිව්ස් වෙත ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post