News Line| Off Air
Generic placeholder image

Aug
29

කැන්ටබරියේ අගරදගුරු අද දිවයිනට

657 Views


කැන්ටබරියේ අගරදගුරු අද දිවයිනට

කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් අද (29) මෙරටට සැපත් වීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු 31 වනදා දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිත බව සදහන්.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මුණ ගැසෙනු ඇති.

මෙරට ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම මේ සංචාරයේ අරමුණ වන අතර, පාස්කු දින ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයට ගොස් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පුද්ගලයන් හමුවීමට ද හිමිපාණන් තීරනය කර තිබෙනවා.

ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ලංකා සභාවේ ප්‍රදේශීය ලේකම් අරූන් ගමලත්ගේ ප්‍රකාශ කළේ කැන්ටබරියේ අගරදගුරුතුමන්ගේ සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post