News Line| Off Air
Generic placeholder image

Aug
29

හෙට දින ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවරයින්ට ඉල්ලීමක්

741 Views


හෙට දින ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවරයින්ට ඉල්ලීමක්

හෙට(30) උදෑසන 6 සිට අගෝස්තු 31 වන දා දක්වා උදෑසන 8 දක්වා පැය 26 කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නයි සියලු ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසා සිටියේ, මන්නාරම සිට පුත්තලම,කොළඹ,මාතර,හම්බන්තොට සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයන් සඳහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70-80 ත් අතර දක්වා වු රළු ස්වභාවයක් ගනු ඇති බවයි.

මේ හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශ ඉතාමත් රළු ස්වභාවයක් ගන්නා අතර, සෙසු මුහුදු ප්‍රදේශ ද පැයට කිලෝමීටර 60-70 දක්වා රළු විය හැකි බව කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.

දිවයින වටා මුහුදු තීරයන්වල මෙම තත්ත්වය පැවතිය හැකි බවද ඔහු සඳහන් කළ අතර ඒ හේතුවෙන් ප්‍රදේශයන්වල සිටින ධීවර හා නාවික ප්‍රජාවන්ට මුහුදු නොයන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තරයේ ප්‍රකාශ කර සිටිනවා.

ගොඩබිම ප්‍රදේශ සඳහාත් දකුණු පළාතේ සහ කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල හා මධ්‍යම කඳුකර ප්‍රදේශවවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 දක්වා වෙනු ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post