News Line| Off Air
Generic placeholder image

Aug
29

ටයිගර් වුඩ්ස් නැවතත් ගොල්ෆ් පිටියට

1119 Views


ටයිගර් වුඩ්ස් නැවතත් ගොල්ෆ් පිටියට

දණහිසේ ආබාධයක් හේතුවෙන් මඳ කලක් ක්‍රීඩාවෙන් විවේකගෙන සිටි ඇමෙරිකානු ගොල්ෆ් ශුර ටයිගර් වුඩ්ස් එළඹෙන ඔක්තෝබරයේදී නැවතත් ගොල්ෆ් පිටියට පැමිණිමට තීරණය කර තිබෙනවා. වුඩ්ස්ගේ දණහිසේ
ආබාධය සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව වුඩ්ස් වෘත්තීය ගොල්ෆ් ශුරයන්ගේ සම්මේලන (PGA) තරගාවලිය යටතේ ඔක්තෝබර් මස (24 -27) ජපානයේදී පැවැත්වෙන “ZOZO” තරගාවලියට සහභාගි වීමට සුදානම්.

මේ දක්වා (PGA) තරගාවලි 81ක ශුරතා හිමිකරගෙන සිටින වුඩ්ස්, ලොව දෙවැනි වැඩීම (PGA) ශූරතා ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා වන අතර පෙරමුණේ පසුවන ඇමරිකාවේ සෑම් ස්නෙඩ් (ශුරතා 82) පසු කිරීමට ඔහුට අවශය වන්නේ තවත් ශුරතා දෙකක් පමණයි.

ගොල්ෆ් ඉතිහාසයේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් කිව හැකි වුඩිස් මේ දක්වා ලොව ප්‍රධාන පෙළේ ගොල්ෆ් තරගාවලි 15කම ශුරතා හිමිකරගෙන තිබෙනවා.

කලක් සිය පෞද්ගලික දිවියේ මෙම ගොල්ෆ් පිටියේද ශීඝ්‍ර පසුබෑමකට මුහුණ දී සිටි වුඩිස්, 2017 වර්ෂයේදී එහි උච්චතම අවස්ථාවට පත්වූයේ ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්හි 193 වැනි ස්ථානයට පත්වෙමින්.
කෙසේ වෙතත් නැවතත් ක්‍රම ක්‍රමයෙන් එහි ඉහළට පැමිණීමට වුඩිස්ට හැකිවූ අතර, මේ වසරේ අප්‍රේල් මසදී ඔහු ශ්‍රේණිගත කිර්ම්හි 06 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

වුඩිස් මාස්ටර්ස් ගොල්ෆ් ශුරතාවය දිනාගත් අතර, ඒ සමග ඔහුට වසර 11කට පසු ප්‍රධාන පෙළේ (Major) ගෝල්ෆ් ශුරතාවකට හිමිකම් කීමටද අවස්ථාව උදා වුණා.


News Articles
Latest Videos
Most Popular Post