News Line| Off Air
Generic placeholder image

Aug
30

ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක්

592 Views


ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක්

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් ඊයේ පැවැත්වුණා.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡුවට එක්ව සිටියේ අමාත්‍ය අර්ජුන රණතුංග වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මුහුණු හදුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් ප‍්‍රධානීන් එහිදී සදහන් කලා.
පොලිස් තොරතුරු සංනිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිත අතර අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලායන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතියට අතුළත් කිරීමට නියමිතයි
ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් එම පද්ධතිය හා සම්බන්ධ වී අපරාධකරු හදුනාගත හැකි බව එහිදී අණවරණය වුණා.


News Articles
Latest Videos
Most Popular Post