News Line| Off Air
Generic placeholder image

Aug
30

“දිගදන්තු” හස්තියා අවසන් ගමන් යයි

2216 Views


“දිගදන්තු” හස්තියා අවසන් ගමන් යයි

කලාවැව ජාතික වන උද්‍යානයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටි “දීගදන්තු හස්තියාගේ” බවට සැකකෙරෙන හස්තියෙකුගේ මල සිරුර වනජීවී නිලධාරීන් විසින් කලාවැව ජාතික වන උද්‍යානයේ සිම්බලන්වැව ප්‍රදේශයේදී ඊයේ (29) දින සොයා ගෙන තිබෙනවා.

මෙම හස්තියා මියගොස් මාසයක පමණ කාලයක් වන බවත් මල සිරුර හමුවන අවස්ථාවේදී එය බෙහෙවින් නරක්වී තිබු බවත් වාර්තා වනවා.

ධිවර කටයුතුවල යෙදී සිටි ධීවරයෙකු විසින් හමන ලද දැඩි දුර්ඝන්ධය හේතුවෙන් වනය පරික්ෂා කිරීමේදී බෙහෙවින් නරක්වී තිබු හස්තියාගේ මල සිරුර හා ඇත් දළ යුගල දැක ගල්කිරියගම වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු අද (30) දින පසවරුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දෙදෙනකු විසින් අදාල ස්ථානයේදීම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණයවී ඇත්තේ ඇතුන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවල ලබා මෙම දිගදන්තු බවට සැකකෙරෙන හස්තිය මියගොස් ඇති බවයි.

දිගදන්තු හස්තියාගේ ඉදිරි වම්පාදයට වෙඩි වැදී අසාධ්‍ය තත්වයෙන් සිටියදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතයේදී වනජීවී නිලධාරීන් සිදුකල මෙහෙයුමකදී ප්‍රතිකාර කර තිබෙනවා.

පසුව ඉකුත් ජුනි මාසයේදී කලාවැව රක්ෂිතයට පැමිණ සිටියදී වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවද යලි හස්තියාගේ මළසිරුර හමුවන තුරු හස්තියා නිරීක්ෂණය නොවූ බව ගලකිරියගම වනජීවී නිලධාරින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post