News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

අනතුරට ලක්වූ ධීවරයන් තුන්දෙනෙකුගේ ජීවිත නාවික හමුදාව බේරා ගනී

1173 Views


අනතුරට ලක්වූ ධීවරයන් තුන්දෙනෙකුගේ ජීවිත නාවික හමුදාව බේරා ගනී

හික්කඩුව සහ සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තුන්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.

හික්කඩුව පොලිසිය විසින් දකුණු නාවික විධානය වෙත කළ දැනුම්දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් ධීවරයන් බේරාගත් බව සදහන්.

මුහුදේ රළු බව හේතුවෙන් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර මුහුදේ රළු ස්වභාවය හමුවේ වුවද අනතුරට ලක්ව තිබූ යාත්‍රාවේ සිටි ධීවරයන් තුන්දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත්වුනා.


News Articles
Latest Videos
Most Popular Post