රාහු කාලය ප.ව 12.16 සිට 01.48
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – නිරිත
මේෂ ලග්නය

අධ්‍යාපනික කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා.තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ඇත කර ගත හැකියි.කලාකාමී කටයුතු වලටත් තාක්ෂණික ආශ්‍රිත මෙවලම් යොදා ගන්නා කටයුතු වලටත් ඉතාම යෝග්‍යයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් යම් පිඩාවක් ඇති විය හැකියි. මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – ලා නිල්පැහැය ජය අංකය – 03
වෘෂභ ලග්නය

ඔබගේ කටයුතු වල පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති විය හැකියි.ගෙදරදොර කටයුතු වලට බාධා පැමිණීම නෑදෑයන් සමග රණ්ඩු දබර ඇති විය හැකියි.ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි.දකින දකින මිලදී ගැනීමට සිත යොමු වෙනවා.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය – ලා කහපැහැය ජය අංකය – 07
මිථුන ලග්නය

පිං සිතුවිලි ඇතිවන දිනයක්.වික්‍රමාන්විතව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා.වචන භාවිතා කිරීමෙන් අන් අයව දිනා ගැනීමට හැකියාව ලැබෙනවා.පරිපාලන කටයුතු උසස් මට්ටමකින් පවත්වා ගෙන යා හැකියි.සූරිය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – ලා තැඹිලි පැහැය ජය අංකය – 04
කටක ලග්නය

ලිපි ලේඛන කටයුතු වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති විය හැකියි.වචන භාවිතා කිරීම් වලදී ගිවිසුම් වලට එළඹීම් වලදී වාචික ගනුදෙනු වලදී පාඩු සහගත තත්ව ඇති විය හැකියි.මුත්‍රාශය ආශ්‍රිත කටයුතු ජලාශ්‍රිත පරිසර වලදී ඇති වන්නා වූ පිඩාකාරී තත්ව වගේම රිය ධාවන කිරීම් වලදී යම් යම් බාධාකාරී තත්ව පැන නැගිය හැකියි. චන්ද පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – ලා රතු පැහැය ජය අංකය – 07
සිංහ ලග්නය

සිතුවිලි වලින් පරිපුර්ණ දිනයක්.බොහෝ සිතුවිලි ඔබේ මනසට ගලාගෙන එනවා.කල්පනාකාරීව නිවැරදි සිතුවිලි තේරුම් ගන්න.සිතුවිලිවල අධික ස්වභාවය හේතු කරගෙන වැඩ කටයුතු පැටලිලි සහගත විය හැකියි.පරිනත ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව උගත් උසස් පුද්ගලයන් සමග කරන්නාවූ ගණුදෙනු කිරීම් වලින් ජයග්‍රහණ ඇත කර ගැනීමේ හැකියාව පවතිනවා.කොහොඹ ගසකට ජලය වත් කරන්න.
ජය වර්ණය – දීප්තිමත් කහපැහැය ජය අංකය – 03
කන්‍යා ලග්නය

රැකී රක්ෂා වෙළදාම් ආදී කටයුතු අලුත් ජවයකින් ආරම්භ කිරීමට ඔබ උත්සහ කරත් සියුම් සතුරු කරදර ඇති වීමේ අවධානම් තත්වයක් පවතිනවා.දුර බැහැර නෑදෑයන් සමග කරන ගණුදෙනු තමන්ගේ ගමෙන් නගරයෙන් පරිබාහිරව කරන ව්‍යාපාරික කටයුතු විදේශගත සම්බන්ධතා ආදිය ගොඩනගා ගැනීමේ කටයුතු වලට යෝග්‍යයි. විදේශගත සම්බන්ධතා සහිත ආයතන වල ක්‍රියා කරන ශ්‍රී ලංකාවේ ඉන්න අයටත් අද දවස ඉතාමත්ම යහපත් දිනයක්.පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති විය හැකියි.
ජය වර්ණය – විසිතුරුපැහැය ජය අංකය -08
තුලා ලග්නය

විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වලට ඔබේ නැඹුරුව වැඩි වෙනවා.අන් අයගේ කටයුතු වලට මැදිහත් වෙනවා වගේම දුර බැහැර ගමන් බිමන් යාම් වලින් ඔබගේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පෙන්නුම් කරනවා. පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව උදා වෙනවා.මව්පස නෑදෑයන්ගෙන් වගේම හිතමිතුරගෙන් පවා ඔබේ කටයුතු වලට උදව් උපකාර ලබා ගැනීමට හැකි වෙනවා.අධ්‍යාපන කටයුතු කරන දරුවන් සිටිනවානම් ඒ අය පිලිබදව සැලකිලිමත් වන්න.
ජය වර්ණය – ලා කොළ පැහැය ජය අංකය – 07
වෘශ්චික ලග්නය

තරමක කේන්ති සහගත සිතුවිලි උදා වෙනවා.ඔලුව ඔසවා ගැනීමට නොහැකි තරමට කාර්යබහුල ස්වභාවයක් නිර්මාණය වෙනවා.වැඩ කටයුතු අධික වේවි.ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. ගෙදරදොර කටයුතු මව්පස නෑදෑයන් සමග කරන කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කල හැකියි.නිවාස ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු බොහෝ පහසුවෙන් දියුණු කර ගැනීමට හැකියි.පන්සලක බෝධීන් වහන්සේට පැන් කළ 3 පුජා කරන්න.
ජය වර්ණය – ලා කහ පැහැය ජය අංකය – 01
ධනු ලග්නය

ඔබ බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සම්පාදනය කරගත හැකි දිනයක්.නෑදෑයන්ගෙන් හිතමිතුරන්ගෙන් අසල්වාසීන්ගෙන් පවා තමන්ගේ කටයුතු වලට බොහෝ ඇප උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පාද ආශ්‍රිත රෝගී තත්ව වලින් තමයි පුංචි පුංචි බාධා ගෙන දෙන්නෙ.හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් කර ගත හැකියි.විවාහයෙන් පසු ඉන්නා නෑදෑයන් සමග ගනුදෙනු කිරීමේදී තරමක් ප්‍රවේසම් වන්න. ජලය හොදින් පානය කරන්න.පන්සලක බෝධීන් වහන්සේට කහ පාට මල් වට්ටියක් පුජා කරන්න.
ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය ජය අංකය – 08
මකර ලග්නය

වචන භාවිතා කිරීමේ කටයුතු වලින් අන් අය සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් අද දවසේ බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලින් වගේම දුර බැහැර ගමන් යාම් වැනි කටයුතු වලින් තමන්ගේ සෞඛ්‍යට යම් යම් පිඩාකාරී තත්ව ඇති විය හැකියි.මුල්‍යමය අලාභකාරී තත්ව ඇති විය හැකියි.අනවශ්‍ය වියදම් පාලනය කර ගන්න.ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය – 08
කුම්භ ලග්නය

කලාකාමී ආදී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි.තද හිතකින් යුක්තව කරන්නාවූ කටයුතු හවුලේ කරන කටයුතු වලදීත් වැඩි ප්‍රතිලාභ තමන්ට හිමි වෙනවා.වචන භාවිතා කිරීමේදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා.නුග ගසකට ජලය වත් කරන්න.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය – 08
මීන

සියුම් සතුරු කරදර බාධා තිබුණානම් ඒවා දුරස් කර ගැනීමේ හැකියාව පවතිනවා.ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් කර ගන්න විවාහ පාර්ශවයේ කටයුතු දියුණු කර ගන්න වාසනාවක් පවතිනවා.රැකී රක්ෂා වෙළදාම් කටයුතු වලටත් ඉතාමත් යෝග්‍යයි.සෙම් සහිත රෝග වලින් වගේම මව්පස නෑදෑයන්ට හට ගන්නා රෝග තත්ව හේතු කරගෙන පුංචි පුංචි වියදම් අධික වීමකුත් පෙන්නුම් කරනවා.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිතව පවතින රෝග තත්ව පිලිබදව අවධානය යොමු කරන්න.
ජය වර්ණය – ලා කොළපැහැය ජය අංකය – 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය : 0766765353