ශ්‍රී ලංකා නවසීලන්ත පලමු 20 යි 20 තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට්ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි
තරගාවලියට තරග 03 ක් ඇතුලත් වන අතර මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගටයි.
මේ ඔහු ඊයේ පල්ලේකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී පළ කළ අදහස්.
අයි සී සී 20 යි 20 ශ්‍රේ‍්‍රණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානයයි. නවසීලන්තය 06 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා
දෙරට අතර පැවති තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වුණා