News Line| Off Air
Generic placeholder image

Sep
1

අධ්‍යාපන ඇමති ජනපති කොමිසමට

1158 Views


අධ්‍යාපන ඇමති ජනපති කොමිසමට

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හෙට පෙරවරු 09 30 ට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි එම් කේ බී ඉංගසිංහ මහතා සම්බන්ධයෙන් නතර කර තිබූ විනය පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කර ඇති බවට අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ සිදුකර ඇති පැමිණිල්ලකට සාක්ෂී ලබාගැනීම සඳහායි

එම විනය පරීක්ෂණය හිටපු අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සේවා කාලය තුලදී නතර කර තිබුණා

අයි එම් කේ බී ඉංගසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡුායාරූප පාසල් පෙල පොත් වල ඇතුලත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබාදී තිබුණා

සාක්ෂී ලබා දීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා ආයතනික පොරොත්තු සේවය වෙත ස්ථාන මාරු කළ අතර ජනාධිපති කොමිසමේ මැදිහත්වීමෙන් ස්ථාන මාරුව අවලංගු කළා

මේ අතර පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ දෙවන වාර්තාව ලබන 10 වනදාට පෙර ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබෙනවා

කොමිසමේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය මැයි ජූනි සහ ජූලි මාස වලට අදාල වාර්තාව ජනාධිපතිතුමා වෙත ලබා දීමට නියමිත බවයි. එමෙන්ම ජනාධිපති කොමිසමේ පලමු වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දුන්නේ පසුගිය ජූලි මාසයේදී


News Articles
Latest Videos
Most Popular Post