සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලසිත් මාලිංග වන අතර මාධ්‍යය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කලේ නවසිලන්ත පිතිකරුවන්ට අභියෝගයක් වන ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සැලසුමක් සකස් කරන බවත් විශේෂයෙන් කඩුල්ල පිළිබද අවබෝධයෙන් මේ සියලු සැලසුම් සකස් කරන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ.