රටවල් 40ක බෝරාවරුන් 21,000 කගේ සහභාගීත්වයෙන් බොරවරුන්ගේ සමුළුවක් අද කොළඹදී බෝරා මස්ජිඩ් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සමුළුව හේතුවෙන් මෙරට කොළඹ හා සංචාරක හෝටල්වලට ඉහල අදායමක් ලැබෙන බව සචාරක කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
මෙම සමුළුව බෝරාවරුන්ගේ නායකයා වන ආචාර්ය සෙයිඞ් මුෆාචාල් සයිෆුදීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර එමෙන්ම මෙම සමුළුව සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක සැලැස්මක් ද කි‍්‍රයාත්මක බවයි වාර්තා වන්නේ.