News Line| Off Air
Generic placeholder image

Sep
2

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට හසු වූ තවත් වන අලියෙක්

765 Views


දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට හසු වූ තවත් වන අලියෙක්

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව බරපතළ තුවාල ලැබූ, මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරි සැරූ වන අලියෙකු, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල තුළ ඇඳවැටී සිටින අයුරු දැකගත හැකි විය. වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක් පමණ වේ . වන අලියාගේ උදරය ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇති අතර ඒ හේතුවෙන් හටගත් තුවාලවලින් වන අලියා දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා විය.
ගිරිතලේ වන ජීවි පශු වෛද්‍ය ඒකකයේ වන ජීවි නිලධාරීන් වෙඩි වැඳුණු වන අලියාට ප්‍රතිකාර සිදු කර ඇති නමුත් අලියාගේ ජීවිතය අවදානම් තත්ත්වයක පසුවන බව වාර්තා වෙයි


News Articles
Latest Videos
Most Popular Post