News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම අරඹයි

690 Views


ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම අරඹයි

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) සදහන් කළා.

ඒ , තෙවැනි වරටද පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින්.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කර ඇතැයි ද වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් සලකා බලමින් එම තීරණය ගත් බව ඇය කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post