News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ පිටු 21,000 ලිපි ගොනු අමාත්‍යාංශ 02 කට

663 Views


අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ පිටු 21,000 ලිපි ගොනු අමාත්‍යාංශ 02 කට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නීතිපතිවරයා විසින් සිංගප්පූරු රජය වෙත සිදු කළ යුතු උදර්පණ ඉල්ලීම සකස් කිරීමට අවශ්‍ය සියලුම ලේඛන ඇතුළත් විශාල ගොනුවක් ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළේ එම ලිපි ගොනුව අද එම අමාත්‍යාංශ වෙත භාර දුන් බවයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ අංක 1 ත‍්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ පසුගිය ජූනි මස 28 වනදායි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එදින සිතාසි නිකුත් කළේ විත්තිකරුවන්ට ජුලි මස 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලෙස මේ වන විට වරෙන්තු 02 ක්ද නිකුක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post