News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

පැරණි ක්‍රමයට පළාත් සභා ජන්දයට ඉඩක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනපතිට දැනුම් දීමක්

1761 Views


පැරණි ක්‍රමයට පළාත් සභා ජන්දයට ඉඩක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනපතිට දැනුම් දීමක්

පලාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති මැතිවරණ නීතිය යටතේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දැනුම්දී තිබෙනවා.ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින් මේ බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප‍්‍රකාරව මැතිවරණය පැවැත්වීම සඳහා සීමානිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සිමා මායිම් ප‍්‍රකාශයට පත් කිරීමට බලයක් ජනාධිපතිවරයා සතු නොවන බවද ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
සංශෝධිත පනත යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඊට පෙර පැවති නීතිය යටතේ මැතිවරණය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post