News Line| Off Air
Generic placeholder image

Sep
3

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

639 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද යළි රැස් වනවා.අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළධාරීන් කැදවා ඇති බවයි කාරක සභාවේ සාමාජිකයෙකු සදහන් කලේ.
එම ආයතන වල කාර්ය සාධනය සහ වර්තමාන ප‍්‍රගතිය විමර්ශනය සඳහා මෙම කැදවීම් සිදු කර තිබෙන අතර මඩකලපුව විශ්ව විද්‍යාලය හා හීරා පදනමේ සාමජිකයින් කමිටුව හමුවට කැදවා ඇත්තේ ලබන 17 වනදායි.

18 වැනිදා පරමාණු බලශක්ති අධිකාරියේ ප‍්‍රගතිය විමර්ශනය කිරීමට නියමිත අතර 19 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ.
ලබන 20 වැනිදා ආයුර්වේද වෛද්‍ය ආයතනයද, ඔක්තෝබර් 08 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය හා ඔක්තෝබර් 09 වැනිදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා අතර කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විතයි.


News Articles
Latest Videos
Most Popular Post