News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණාත්මක රැස්වීමක්

674 Views


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණාත්මක රැස්වීමක්

තලේබාන් සටන්කාමීන් සමඟ ඇති කරගත් එකගතාවයක් මත සති 20 ක් තුළ ඇෆ්ගනිස්ථානයෙන් 5,400 හමුදා භට පිරිසක් ඉවත් කරගන්නා බව ඇමරිකාව පවසනවා. මෙම එකගතාවයට පැමිණීම බොහෝ කාලයක් තිස්සේ බලාපොරෝත්තු වූවක් බවයි රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවක එක්වෙමින් තලේබාන් සංවිධානයේ නායක සල්මේ කලීල්සාඞ් සඳහන් කළේ.ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ සඳහා අවසාන අනුමැතිය ලබා දීම ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සතුවන බවයි.

සම්මුඛ සාකච්ඡුාව අතරතුර කාබුල් නගරයේ විශාල පිපිරීමක් සිදුවුණ අතර පිපිරීමෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.බෝම්බ ප‍්‍රහාරය එල්ල කර තිබුණේ නිවාස සංකීර්ණයක සිටි විදේශිකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින්
ප‍්‍රහාරය තලේබාන් සංවිධානය විසින් එල්ල කළ බවට එම සංවිධානයට චෝදනා එල්ලවී තිබුණා.
මේ අතර යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි‍්‍රතාන්‍යය ගෙන ඇති තීරණය නතර කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම අද රැුස්වන පාර්ලිමේන්තු සැසි වාරයේදී ගන්නා බව එරට ප‍්‍රධාන විපක්ෂයේ නායක ජෙරම් කෝබින් පවසනවා. බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් කල්තැබූ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අද රැුස්වන්නේ මසකට පසුවයි


News Articles
Latest Videos
Most Popular Post