News Line| Off Air
Generic placeholder image

Sep
3

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 68 වන ජන්ම දිිනය අදයි

1146 Views


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 68 වන ජන්ම දිිනය අදයි

2015 ජනවාරි 8වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වූණා.
පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 1951 වසරේ සැප්තැම්බර් මස 3 වනදා උපත ලබන්නේ සියනෑ කෝරලේ යාගොඩ ගම්මානයේදී
පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික අධ්‍යාපනය හදාරනු ලබනවා.
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 17 වන වියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකම්වරයා බවට පත්වන්නේ සිය දේශපාලන දිවියේ පළමු පා තැබුම සටහන් කරමින්.
1989 වසරේදී පොළොන්නරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරයා ලෙස ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණ අතර 1994 වසරේදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 1997 වසරේදී මහවැලි සංවර්ධන අමාත්‍ය ධූරයටත් පත් වනවා.
1997 වසරේ පක්ෂ උප ලේකම් තනතුරට පත්වන ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයට පත් වන්නේ 2001 වසරේදී
පැවති ආණ්ඩුවට එරෙහිව ඔහු විපක්ෂයට එක්වෙමින් පොදු අපේක්ෂයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ 2014 වසරේ නොවැම්බර් 21 වනදායි
2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඡන්ද හැට දෙලක්ෂ 17 162 ක ඡුන්ද සංඛ්‍යාවක් හිමි කරගනිමින් ජනාධිපති ධූරයට තේරී පත් වුණේ සියයට 51 යි දශම 02 යි 08 ක ඡුන්ද ප‍්‍රතිශතයක් ද සමගින්.
ජාත්‍යාන්තරය තුළ මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් පැවති ගැටලූකාරී තත්වයන් ද රටෙන් ඉවත් කර ගැනීමට ඔහුට හැකිවුණ අතර මොරගහකන්ද ව්‍යාපෘතියේ ගෞරවය හිමි වන්නේ ද මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාටයි.
මෙරට දුම්වැටි සහ මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය සදහා ආන්දෝලනාත්මක පනතක් ගෙන එමින් දුම්වැටි ඇසුරුම් වල අවවාද සහිත රූප ප‍්‍රදර්ශණ අවකාශය ඉහල නැංවීමටද මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නොබියව කටයුතු කලා.
රාජධාණි යුගයෙන් පසු රජරටින් මෙරට බිහිවූ ප‍්‍රථම රාජ්‍ය නායකයා වන්නේ ද මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමායි.
අද 68 වන ජන්ම දිනය සමරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සියත එෆ් එම් ප‍්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සුභාසිංශන.


News Articles
Latest Videos
Most Popular Post