දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිවයිනේ උතුරු ප්‍රදේශ වලට සුළගේ වේගය පැ.කි.මි 50 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ.