සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරඟයේ ජය නවසීලන්ත කණ්ඩායමට හිමි වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් ද අවිශ්ක ප්‍රන්න්දු ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් සෙත් රෙන්ස් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්ත කන්ඩායම කඩුළු 6ක් දැවී පන්දුවාර 19ක් සහ පන්දු 4ක් අවසනයේ ලකුණු 165ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත 20 යි 20 තරගාවලියේ 2/0 ලෙස නවසීලන්තය ජය වාර්තා කිරීමට සමත් වුණා.