විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින්.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව ද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
වික‍්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුවේදී වැදිවුරටත් කියා සිටියේ 19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණු බවයි.මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අතර එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඞ් නෂීඞ් මහතා විසින් උණුසුම් ලෙස පිළීගෙන තිබෙනවා.
අනතුරුව මාලදිවයින් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා කැඳවා ගෙන එනු ලැබූ අතර එරට පාර්ලිමේන්තුවේ කථානායක අසුනට සම මට්ටමේ අසුනක් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පනවා තිබුණා