News Line| Off Air
Generic placeholder image

Sep
4

යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබද අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට

561 Views


යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබද  අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබෙනවා. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළේ මෙම යෝජනාව පරාජයට පත් වුවහොත් නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් සම්මත කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් තමාට මේ මොහොතේ මැතිවරණයකට යෑමට අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

එමෙන්ම බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය නතර කිරීම සදහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි එරට විපක්‍ෂයේ කණ්ඩායම තීරණය කර තිබුනේ.


News Articles
Latest Videos
Most Popular Post