News Line| Off Air
Generic placeholder image

Sep
4

ඉන්දීය කි‍්‍රකට් ක්‍රීඩකයෙක් අල්ලන්න එරට අධිකරණයෙන් වරෙන්තු

737 Views


ඉන්දීය කි‍්‍රකට් ක්‍රීඩකයෙක් අල්ලන්න එරට අධිකරණයෙන් වරෙන්තු

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොහොම්මඩ් සාමි අත් අඩංගුවට ගැනීම සදහා එරට අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.

මොහොම්මඩ් සාමිගේ බිරිද මිට අදාල පැමිණිල්ල සිදු කර ඇති අතර ගෘහස්ත හිංසනයට ආදාලව මෙම නඩුව ගොනු කර තිබෙනවා. මීට පෙර අවස්ථාවක ද මොහුගේ බිරිද ඝාතනය කිරීම හා හිංසනය යන චෝදනා ඇතුලත් කරමින් අපරාධ චෝදනා නඩුවක් ගොනු කර තිබුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිම කර දින 15 ක් තුළ මොහොමඞ් සාමි අධිකරණයට භාර විය යුතු බවට අධිකරණය දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post