ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති නිමල් කරුණාසිරි මහතා සදහන් කලේ වැටුප් විෂමතා, දීමනා ඇතුළු ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
මේ අතර රජයේ විශ්ව විද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වනදා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා සදහන් කලේ වැටුප් වැඩි වීමේ ක‍්‍රියාවලියේ විෂමතාවයක් පවතින බැවින් ඊට එරෙහිව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි