News Line| Off Air
Generic placeholder image

Sep
4

බාහිර උපාධිධාරීන් විරෝධතා ව්‍යාපාරයක

938 Views


බාහිර උපාධිධාරීන් විරෝධතා ව්‍යාපාරයක

බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා.

2012 වසරේ සිට බාහිර උපාධිය ලබාගත් පිරිසට රැකියා ලබාදීමට රජය කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් කියා කොටස් දෙකකට වෙන් නොකර කඩිනමින් රැකියා ලබාදිය යුතු බවත් බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරනවා.

බාහිර උපාධිධාරීන්ගෙන් කොටසකට මේ මස 03 වැනිදාට පෙර රැකියා ලබාදෙන බවට පොරොන්දු වුවද, එම පොරොන්දුවත් මේ වනවිට කඩකර තිබෙන බවද එම සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මහේෂ් අබේපිටිය මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post