News Line| Off Air
Generic placeholder image

Sep
5

අපරාධ වලට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

822 Views


අපරාධ වලට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත නීතිවිරෝධි ගිනි අවියක් ද සමඟ රත්ගම,කඳුරැස්ස ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකරු රත්ගම විශේෂ කාර්යය බලකා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාත්‍රී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සිදු කිරිම සඳහා සූදානම්ව සිටි අවස්තාවකදියි. විශේෂ කාර්යය බලකාය සදහන් කළේ සැකකරු බූස්ස, කදුරුපේ, මීදගල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
සැකකරු ගාල්ල, බෙලිගහ හන්දිය ප්‍රදේශයේ ඉන්ධන හලකින් මුදල් කොල්ලකෑම, ගාල්ල, සිදුරුවල ප්‍රදේශයේදී යතුරුපැදියක් හා මුදල් කොල්ලකෑම, ගාල්ල, විස්කම් මාර්ගයේදී පුද්ගල ඝාතනයකට උත්සහ කිරිම යන චෝදනා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඔහුව වැඩිදුර විමර්ශන සදහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post