කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් මෙරට රැදී සිටීමේ වීසා කාලය ඉක්මවා මාස 2-3 ඉක්මවා තිබී ඇති බව සදහන් වෙනවා. අත් අඩංගුවට පත් මොවුන් වයස අවුරුදු 25 සහ 50 අතර වයස් සිමාවේ පසුවූවන්නන් වන බව පැවසෙන අතර ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස අද මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.