මැතිවරණ කොමිසන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 09 වනදා කැදවා තිබෙනවා.
ඉදිරියේ දි පැවැත්වීමට නියමිත මැතිවරණ සම්භන්ධයෙන් එහිදී සාකච්ඡ කිරීමට නියමිතයි. ජන්ද විමසීමේ දී දිස්ත‍්‍රික් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කිරීමට ද අවදානය යොමු ව තිබෙනවා.
මැතිවරණ කොමිසම කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම් භාර නිළධාරීවරයාට දැනුම් දී ඇත්තේ දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජනතා නිදහස් සංධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීධූරය දින 30 ක් තුළ සම්පූර්ණ කරන ලෙසයි.
සාලින්ද දිසානායක මහතාගේ අභාවයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ධුරයක් පුරප්පාඩු වී තිබෙනවා .මේ අතර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වන දාට පෙර සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වීමට නියමිතයි