ඉදිරි ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ ලිඛිතව එම දැනුම් දීම සිදු ඛවයි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.
ඉදිරිපත් කරන අපේක්ෂකයකුගේ නමක් භාර නොදුන් බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව මෙම පියවර ගත් බවයි වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ.