අද රාත‍්‍රී 10 සිට ලබන 9 වනදා අලූයම පහ දක්වා කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කර ඇති එක් මාර්ගයක් වන්නේ මෝදර මුතුවැල්ල ශාන්ත ජේම්ස් හංදියේ සිට ඩිලාසාල් හංදිය දක්වා මාර්ගයයි.
එම මාර්ගය භාවිත කරන රථවාහන වලට අලූත් මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිසිය සදහන් කළේ.
කොටහේන ශාන්ත ලූසියා වීදියේ මේෆිල්ඞ් පටුමග සිට වාසල හංදියේ සිට ශාන්ත ජේම්ස් හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමාකර තිබෙනවා.
එම මාර්ගයේ ගමන් කරන රථවාහනවලට වාසළ මාර්ගය ඔස්සේ ගමන් කළ හැකියි.කොටහේන ශාන්ත ලූසියා වීදියේ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ සිට බොංජියන් පටුමග දක්වා මාර්ගයේදී රථවාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා.
එම මාර්ගයේ ගමන් කරන වාහන බොංජියන් පටුමග ඔස්සේ ගමන් කළ යුතු බවයි පොලිසිය සදහන් කළේ.කොටහේන සිරිල් සී පෙරේරා මාවත වාසල පාර හංදියේ සිට වෝල්ස් පටුමග හංදිය දක්වා මාර්ගයේ රථවාහන ධාවනයද සීමා කර තිබෙනවා. එම මාර්ගයේ ගමන් කරන වාහන වේල්ස් කුමාර මාවත / ඉගුරුකඬේ හන්දිය හරහා තොටළග හන්දියෙන් මාදම්පිටිය දෙසට ගමන් කළ හැකියි.
බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ශාන්ත ජේම්ස් හන්දියේ සිට බෝගහ හන්දිය වටරවුම දක්වා මාර්ගයේද රථවාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා.
එම මාර්ගයේ ගමන් කරන වාහන කේ සිරිල් පෙරේරා මාවත / වෝස්ලේන් / අලූත්මාවත මාර්ගයෙන් සහ සිරිල් සී පෙරේරා මාවත ජෝෂප් ඩයස් හංදිය / කිඹුලා ඇළ මාර්ගය ඔස්සේ ගමන් කළ හැකියි. ජන නළ එළීම් හේතුවෙන් මෙලෙස මෙම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.