News Line| Off Air
Generic placeholder image

Sep
6

ඖෂධ අවශ්‍යතා සදහා දැනුම් දීමට නව දුරකථන අංකයක්

632 Views


ඖෂධ අවශ්‍යතා සදහා දැනුම් දීමට නව දුරකථන අංකයක්

දිවයින පුරා පවතින හදිසි ඖෂධ අවශ්‍යතා සදහා දැනුම් දීමට නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් 0766 47 47 77 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි නිකුත් කිරීම් ප‍්‍රමාදයකින් තොරව ක‍්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කලා.වෛද්‍ය සැපයීම් අංශයේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී ඇරඹුණු මෙම ඒකකය පැය 24 පුරා ක‍්‍රියාත්මකයි.මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඕ මහතා සඳහන් කළේ මෙරටින් මේ වන විට ලබා ගත හැකි සියලූ ඖෂධ ගුණාත්මක භාවයෙන් ඉහල, තත්වපරීක්ෂාවන්ගෙන් සමත්වූ ඖෂධ බවයි. ඒ අනුව දැනට මෙරට තුළ ඖෂධ හිගයක් නොමැති බවද එහිදී සදහන් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post