කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10 ක් තුළ සිදුකෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලබන 15 වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කොළඹ අක්ෂි රෝහල තුළ දෛනිකව සිදු කෙරෙන සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණය ඉහළ යාම මීට හේතු වී ඇති බව සදහන්.
කොළඹ අක්ෂි රෝහලට අමතරව, මහනුවර, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකලපුව, වව්නියාව සහ නාවලපිටිය යන රෝහල් තුළද මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.