News Line| Off Air
Generic placeholder image

Sep
7

පුජා භූමි 75 කට ඉඩම් ඔප්පු

853 Views


පුජා භූමි 75 කට ඉඩම් ඔප්පු

පුජාභූමි සංකල්පය යටතේ 2015 වසරේ සිට මේ දක්වා බෞද්ධ සිද්ධස්ථාන 355 කට පුජාභූමි ඔප්පු ප‍්‍රදානය කර තිබෙනවා.

ඉඩම් අමාත්‍යංශය සදහන් කලේ ලබන මස 10 වනදා තවත් පුජා භූමි ඔප්පු 75 ක් ප‍්‍රදානය කරන බවයි.

එම උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඉඩම් අමාත්‍යංශයේ සහ ඉඩම් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වනවා.

ඉදිරියේදීත් බෞද්ධ සිද්ධස්ථාන වෙත පූජා භූමි ඔප්පු ප‍්‍රදානය කිරීම ක‍්‍රියාත්මක කරන බවයි ඉඩම් අමාත්‍යංශය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post